ලාංකිකයින් 4000කට සිංගප්පූරුවේ රැකියා -වසර 20කට පසුව ලැබුණු අනඟි අවස්ථාව මෙන්න

ලාංකිකයින් 4000කට සිංගප්පූරුවේ රැකියා -වසර 20කට පසුව ලැබුණු අනඟි අවස්ථාව මෙන්න

ලබන වසරේ දී ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකිකයන්ට වසර විස්සකට පසුව මෙලෙස සිංගප්පූරු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා හිමිවෙයි.

මෙහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.