ඉතාලියේ සිටින ලාංකිකයින් 5,000ක් මෙරටට එන්න අපේක්ෂාවෙන් ලියාපදිංචි වෙයි

ඉතාලියේ සිටින ලාංකිකයින් 5,000ක් මෙරටට එන්න අපේක්ෂාවෙන් ලියාපදිංචි වෙයි

දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් ඉතාලියේ රැදී සිටින ලාංකිකයින් 5,000 ක් පමණ එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි තිබෙන බව තානාපති කාර්යාල ආරචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉතාලියේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන  තානාපති  සිසිර සෙනෙවිරත්න මහතා ප්‍රකාශකර ඇත්තේ ලියාපදිංචි වී ඇති සමහර පිරිස්  ලංකාවට පැමිණීම කල් දැමීමට තීරණය කර ඇති බවයි.
 
එවන් අවස්ථාවලදී, දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ අනුපිළිවෙල අනුව එම පිරිසට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොවිඞ් මර්දන කාර්යය සාධක බලකායේ අනුමැතියට අනුව එම කටයුතු සිදුකෙරෙන බවත් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩපහසුකම් අනුව දිවයිනට රැගෙන එන පිරිස තීරණය කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
එමෙන්ම ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව පවසමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය හරහා විවිධ ප‍්‍රචාර සිදුකරමින් සිටින බවත් එවැනි අයට නොරැවටෙන ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන ලාංකිකයින්ට සිහිපත් කර දෙයි.