පුද්ගලයින් 55,000කට ඇමරිකාවට යන්න වීසා

පුද්ගලයින් 55,000කට ඇමරිකාවට යන්න වීසා

මෙවර ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කිරීමට ජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බව කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මෙම ලොතරැයියට ඉල්ලුම් කිරීම සඳහා ඡායාරූප ගැනීම පෙර වසරවලට සාපේක්ෂව මෙවර සියයට 500කින් පමණ ඉහළ ගොස් තිබූ බව කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ සඳහන් කරයි.

මෙවරත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා පුද්ගලයින් 55,000කට ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කිරීම ඔක්තෝම්බර් 6 වන දා සිට ඇරඹුණු අතර එය පසුගිය 09 වෙනි දිනයෙන් අවසන් විය.