හොර පාරෙන් රට යන්න ගිය 64ක් දැලේ

හොර පාරෙන් රට යන්න ගිය 64ක් දැලේ

බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලායාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 50 දෙනකු,කාන්තාවන් 11 දෙනකු හා කුඩා දරුවන් තිදෙනකු සිටි බව නාවික හමුදාව කියා සිටියි.

නාවික හමුදා ත්‍රිකුණාමලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියක දී මෙම සැකකටයුතු බහුදින යාත්‍රාව නිරීක්ෂණ වී ඇති අතර, එය පරීක්ෂාවට ලක් කිරීමේ එහි සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය, යාපනය හා මුලතිව් යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියි.