ජපන් රැකියා සිහින පෙන්වු 65 හැවිරිදි කත අත්අඩංගුවට

ජපන් රැකියා සිහින පෙන්වු 65 හැවිරිදි කත අත්අඩංගුවට

ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.08 දින අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව විසින් ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රු.1,075,000.00 ක මුදලක් ලබාගෙන අදාළ රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, පැමිණිලිකරු විසින් අදාළ කාන්තාවද කාර්යාංශය වෙත කැඳවාගෙන පැමිණ තිබුණි.

එහිදී මෙම සැකකාරිය වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල්  අත්අඩංගුවට ගන්නා ලද අතර, තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා (2023.06.09) දින කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන මගින් හෝ පෞද්ගලිකව ගෙන්වාගනු ලබන රැකියා ගිවිසුම් අනුව, නීත්‍යානුකූලව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමේ වැදගත්කම පිළිබඳ නිවේදන මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි.