ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් ආ චීන ජාතිකයා යන්න බෑ කියා යකා නටලා

  ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් ආ චීන ජාතිකයා යන්න බෑ කියා යකා නටලා
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට  රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට  යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
 
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ගේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ චීන ජාතිකයා ඊයේ (08)  සවස 5 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇත.
 
ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බව ගුවන්තොටුපල ආරංචි මාර්ග කියයි.
 
චීන ජාතිකයාගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා බලහත්කාරයෙන් මෙන් මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්884 දරණ ගුවන් යානයට ගොඩ කරගෙන චීනය බලා රැගෙන ගිය බව ගුවන් තොටුපලේ උසස් නිලධාරියෙක් පැවැසීය.
 
මෙම චීන ජාතිකයා ගේ ආරක්ෂාවට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සහ ආගමන විගමන නිලධාරියා ද ගොස් අතැයි වාර්තා වේ.