රට රැකියා සඳහා යන අය සම්බන්ධයෙන් රජය අලුත් තීරණයක

රට රැකියා සඳහා යන අය සම්බන්ධයෙන් රජය අලුත් තීරණයක
විදේශ රැකියා අපේක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනයකිරීමට රජය විසින් තීරණය කර තිබේ.
 
එනම් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි  ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇත.
 
කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන  ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින්  කරුණු ඉදිරිපත් කර ඇත.
 

ඒ් අනුව විදෙස් රැකියා ප්‍රවර්ධනයට යම් රුකුලක් වනු පිණිස යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට  මෙලෙස පියවර ගෙන ඇතැයි කියැවෙයි.