පෘතුගාල රැකියා දෙන බව පවසා අප්‍රිකානු රටක අතරමං කරලා

  පෘතුගාල රැකියා දෙන බව පවසා අප්‍රිකානු රටක අතරමං කරලා
පෘතුගාලයේ වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 90 ක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ඊයේ (07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ට මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
රුපියල් ලක්ශ 90 ක මුදලක් පුද්ගලයන් දෙනකුගෙන් ලබාගෙන එම පුද්ගලයින් දෙදෙනා ගැම්බියාව නමැති අප්‍රිකානු රටේ අතරමං කර ඇති බවට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.