දකුණු කොරියාවේ සෝල් නුවරට තද වැසි -7ක් මරුට

දකුණු කොරියාවේ සෝල් නුවරට තද වැසි -7ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවරට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 7 දෙනකු ජීවිතක්ෂයයට පත්ව ඇති බවත් වාර්තා වේ. අතුරුදන් වූ ගණන 6 කි.

උමං දුම්රිය පද්ධති සියල්ල මේ වනවිට අඩපණ වී ඇත්තේ ඒවා ජලයෙන් පිරී යෑමෙනි. සෝල් අගනුවර පළාත් රැසකට විදුලිය බලය ද අහිමි වී ඇත.

කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ සෝල් අගනුවර ඇතැම් පළාත්වලට මිලි මීටර් 141.5 ක වර්ෂාපතනයක් ලැබුණු බවය.