හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ 75 ක් හසුවෙලා 

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ 75 ක් හසුවෙලා 
නීති විරෝධී  ලෙස ඕස්ට්‍රේලියාව  බලා යාමට උත්සහ කළ  නීති විරෝධී සංක්‍රමණිකයන්  75 දෙනෙකු   අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
 
එයින්  51  දෙනෙකුගේ සමන්විත පිරිසක් බහුදින යාත්‍රාවකින්  ගමන් කරමින් සිටියදි,  ත්‍රිකුණාමලයට උතුරු  දෙසින් වු  නැගෙනහිරින් වු මුහුදේ දී  ඊයේ  (3) අලුයම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
 
මෙම පිරිස  පුද්ගලයන් 41 දෙනෙකු, කාන්තාවන් 05  දෙනකු හා දරුවන් 5  දෙනෙකු සිටි බවද නාවික හමුදාව සඳහන් කරයි.
 
පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවට   හඳුනාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර   ජාවාරම මෙහෙයවු සැකකරුවන් 06 දෙනකු සිටින බවත්,  සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසියට බාර දී ඇති බවත් කියැවෙයි.
 
මේ අතර   ඊයේ  (2) දින නාවික හමුදාව සහ වෙරළආරක්ෂක බලකාය   එක්ව  මාවරවිල ප්‍රදේශයේ ලැගුම්ළලක් පරීක්ෂා කිරීමේ දී    නීති විටරෝධී ලෙස විදේශ ගත වීම සඳහා  සුදානම්ව සිටි බවට සැකකෙරෙන පුද්ගලයන්  24  නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මොවුන්  මඩකළපුවල වාලච්චේන සහ හලාවතල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා  ගෙන ඇත.
 
 මාස 03 ත් අවුරුදු 50ත් අතර වයස් වල  පසුවූ එම පිරිස එහි සිටි බවද නාවික හමුදාව කියයි.