රටවල් 98ක සංචාරකයින්ට ජපානයේ දේශසීමා යලි විවර වෙයි

රටවල් 98ක සංචාරකයින්ට ජපානයේ දේශසීමා යලි විවර වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා තිබූ ජපානයේ දේශසීමා රටවල් 98ක සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබෙනවා.

ලොව දැඩි නිරෝධායන සීමා පැනවූ රටවල් අතර ඉහළින්ම සිටියේ ජපානයයි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමේදී පවා සංචාරකයින්ට ජපානයට පැමිණීමට අවසර හිමුවූයේ නැහැ. මේ නිසා අපේක්ෂිත විදේශ විනිමය ආදායමක් නොලැබීම, ජපානයේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑම් එල්ල කළා.

වංගතය පහව යාමත් සමග විදේශීය සිසුන්ට සහ ව්‍යෘපාරිකයින් හා සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීම නිසා ඉදිරියේදී ජපානයේ ආර්ථිකය යහපත් වනු ඇතැයි ජපාන බලධාරින් විශ්වාසය පළ කරනවා. ලබන ජුනි 10වැනිදා සිට කන්ඩායම් වශයෙන් විදෙස් සංචාරකයන්ට ජපානයට පැමිණීමට අවසර හිමිවනවා. එලෙස පැමිණීමට අවසර ලබාදී ඇති රටවල් කාණ්ඩ 3කට වෙන්කර තිබෙනවා. ඉන් අවදානම් සහිත කාණ්ඩායට අයත් රටවල සංචාරකයන්ට නිරෝධායන ක්‍රියාවලියට තවදුරටත් මුහුණදීමට සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.