ජෝර්දාන් රජයෙන් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

ජෝර්දාන් රජයෙන් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්!

ජෝර්දාන් රජය විසින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන පැය ගණන දීර්ඝ කිරිමට සැලසුම් කර ඇති බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වූ වහාම සම්පූර්ණ අගුළු දැමීමක් අපේක්ෂා කරන බවයි.

නොවැම්බර් 2 වන සඳුදා සිට පුරවැසියන් සඳහා රාත්‍රී 10 ට සහ ව්‍යාපාර සඳහා රාත්‍රී 9 ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවත් හෙතෙම සඳහන් කර තිබේ.

නොවැම්බර් 10 දිනට නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය ජෝර්දානය තුළ පැවැත්වීමට නියමිතයි.

රාජධානිය පුරා හෝටල්, නේවාසික සහ සංචාරක සංකීර්ණ ඇතුළු යෝග්‍යතා මධ්‍යස්ථාන සහ පොදු පිහිනුම් තටාක මෙන්ම විනෝදාස්වාදය සහ විනෝදාත්මක නගර සහ ළමා ගෘහස්ථ ක්‍රීඩා පිටි ද සඳුදා වන විට වසා දමන බවත් අග්‍රානාත්‍යවරයා සඳහන් කළේය.

තවද, ආරක්ෂක නියෝගයන්ට අනුව,විශේෂයෙන් මුහුණු ආවරණ පැලදීම,සමාජ දුරස්ථ භාවය, පුද්ගලඉයින් වැඩි පිරිසක් ඒකරාශිවීම වැළක්වීම මෙන්ම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම සම්බන්ධයෙන් හා නීති උල්ලඝනය කිරිම් සම්බන්ධයෙන් අධීක්ෂණයන් දැඩි කිරීමටත් කටයුතු කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

වත්මන් අධ්‍යයන වාරය අවසන් වන තුරුම පාසල්වල සහ විශ්ව විද්‍යාලවල දුරස්ථ අධ්‍යාපනය දිගටම පවතින බවත් සඳහන්.