ජෝර්දානයේ සේවය කරන ලාංකිකයින් 350කට කොරෝනා -එක් අයෙක් මරුට

ජෝර්දානයේ සේවය කරන ලාංකිකයින් 350කට කොරෝනා -එක් අයෙක් මරුට

ජෝර්දානයේ අම්මාන් නුවරට සමීපයේ පිහිටි කර්මාන්ත පුරයක ඇඟළුම් කර්මාන්ත ශාලා කිහිපයක සේවය කරන ලාංකිකයින් 350කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාර්යාශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ ලාංකික ශ්‍රමිකයින් 350ක ප්‍රමාණයකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවත් රෝගාතුරව සිටි ලාංකිකයින් අතරින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙන අතර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත්ය.

වෛරසය ආසාදනය වූ සියළුම ලාංකික ශ්‍රමිකයින් මේවනවිට කර්මාන්ත පුරය පිහිටි මළ මුහුද වෙරළ තීරයට ආසන්නයේ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවත් රන්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කර්මාන්ත පුරයේ සේවකයින් 1200කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් 400 දෙනෙකු ලාංකික ශ්‍රමිකයින් වෙයි. ඒ අය අතුරින් 350කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ජෝර්දාන් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.

ආසාදිත ශ්‍රමිකයින් හා අනෙක් ලාංකිකයින් සම්බන්ධයෙන්ද සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සොයා බැලීම නිරන්තරයෙන් සිදුකරන අතරම ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන්ද එරට සෞඛ්‍ය බලධාරීන් සොයා බලන බවද රන්දෙණිය මහතා සඳහන් කළේය.

වැඩබිම