පකිස්තානයේදී ඝාතනය වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයා වෙනුවෙන් LBB සංවිධානය හඬ අවදි කරයි

පකිස්තානයේදී ඝාතනය වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයා වෙනුවෙන් LBB සංවිධානය හඬ අවදි කරයි
පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේවන විට දෙස් විදෙස් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබේ.
 
සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගෙන් සැදුම් ලත් Lawyers Beyond Borders-Sri Lanka (LBB -Sri Lanka) (ලෝයර්ස් බියොන්ඩ් බෝඩර්ස් - ශ්‍රී ලංකා) සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම අමානුෂික ඝාතනය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
 
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන පරිදි සෑම රටක්ම තම රටේ පුරවැසියන්ගේ ශ්‍රමික අයිතිවාසිකම් ව්‍යවස්ථාපිතව තහවුරු කර තිබුනද ඒ රටවල සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ඒ හා සමාන ව්‍යවස්ථාපිත අයිතීන් තහවුරු කිරීම් සකස් වී නොමැති වීම බලවත් අඩුපාඩුවක් බවත් එහිදී ලෝක කම්කරු සංවිධානය ලෙස භාරධූර වගකීමක් පැවරෙන බවත් සිහිපත් කර දී ඇත.
 

අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි...

මාධ්‍ය නිවේදනයට මෙතැනින් පිවිසෙන්න