ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා ගැන විදේශ අමාත්‍යාංශය තොරතුරු සොයයි

ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා ගැන විදේශ අමාත්‍යාංශය තොරතුරු සොයයි

ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට හිරිහැර කර ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර පුළුස්සා ඇති බවට තමන්ට වාර්තා වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ අදාළ සිදුවීම පාකිස්තානයේ සියල්කොට් නගරයේදී සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එම සිදුවීම පිළිබඳ තොරතුරු පාකිස්තාන බලධාරීන් සමග සොයාබලමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉෂ්ඨ කිරීම පාකිස්තාන බලධාරීන් විසින් සිදුකරනු ඇතැයි තම අපේක්ෂාව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

medium 2021 12 04 be759fd8a2