පකිස්ථානයේදී ඝාතනය වූ ලාංකිකයාගේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසක් අත් අඩංගුවට

පකිස්ථානයේදී ඝාතනය වූ ලාංකිකයාගේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසක් අත් අඩංගුවට
පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට 50කට අධික සැකකරුවන් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
 
පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී මෙලෙස ලාංකිකයෙකු අමානුෂික ලෙස   ඝාතනයට ලක්කර  පුළුස්සා දමා තිබුණු අතර  මෙම සිද්ධිය පාකිස්තානයට ලැජ්ජා සහගත කරුණක් වන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ද සඳහන් කළේය.
 

එහිදීදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව තමාගේ දැඩි අවධානය යොමුව ඇති බවත්සිද්ධියට වගකිව යුතු සියලු පාර්ශව වලට නීතියෙන් දැඩි දඩුවම් ලබාදෙන බව ද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

සබැඳි ලිපි:

පකිස්ථානයේ සේවය කළ ලාංකිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය වෙයි

ශ්‍රී ලාංකිකයාගේ මරණය ගැන පාකිස්තාන අගමැතිගෙන් ට්විටර් සටහනක්