UAE සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

UAE සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මන්කි පොක්ස් හෙවත් වඳුරු පැපොල වෛරස් රෝගය ලොව පුරා රටවල් 30කටත් අධික ප්‍රමාණයක් මේවනවිට ආක්‍රමණය කර තිබෙන අතර මේවනවිට මැදපෙරදිග කලාපයේ රටවල්වටද ව්‍යාප්ත වෙමින් පවතියි.
 
ඒ අනුව පසුගියදා එමිරේට්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු හඟවා ඇත්තේ මෙම වෛරසය එරට තුළ ක්‍රමයෙන් ව්‍යාප්තවීමේ අවදානම මතුව තිබෙන බවයි.
 
මෙම වෛරසය වැළදුනු නව රෝගීන් පස්දෙනෙකු පසුගියදා හඳුනාගෙන තිබෙන අතර මේවනවිට රෝගීන් 13 දෙනෙකු එරටින් වාර්තා වී තිබේ.රෝගීන් දෙදෙනෙකු සුවය ලබා තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේය.
 
විශේෂයෙන් මන්කි පොක්ස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යෙන්ම සිදුකරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය එමිරේටයේ සිටින සියළුම දෙනාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.