ඩොලර් ගෙනාවොත් හජ් වන්දනාවේ යන්න පුළුවන්

ඩොලර් ගෙනාවොත් හජ් වන්දනාවේ යන්න පුළුවන්

හජ් වන්දනා කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබාදීමට මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇති බවට වාර්තා වී තිබේ.

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී කරවීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.





රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරිමට මීට පෙර තීරණය කර තිබුණි.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකුට සහභාගීවිම සඳහා අවස්ථාව හිමිව ඇති බවට සදහන් වෙයි.