කටාරයේ හා UAEහි අසරණව සිටි ලාංකිකයින්ට දිවයිනට එන්න අවස්ථාවක්

කටාරයේ හා UAEහි අසරණව සිටි ලාංකිකයින්ට දිවයිනට එන්න අවස්ථාවක්

වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 615 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

අවසන් වූ ගත වූ පැය 24 තුළ ගුවන් ගමන් 13 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බව වාර්තා වේ.

එම පිරිස අතරට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 135 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 173 දෙනෙකු ද ඇතුළත් වේ.

ගුවන් ගමන් 9 ක් මගින් ශ්‍රී ලාංකිකයන් 431 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image