ඔබ සේවය කරන්නේ සයිප්‍රසයේද? ඔබේ මුදල් පසුම්බිය ප්‍රවේශම්කරගන්න!

ඔබ සේවය කරන්නේ සයිප්‍රසයේද? ඔබේ මුදල් පසුම්බිය ප්‍රවේශම්කරගන්න!

ශ්රී ලංකාවේ සිට රැකියා සඳහා පුද්ගලයන් ගෙන්වා ගැනීමට උපකාර කළ හැකි බව හගවමින් සයිප්රස් ජනරජයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කිරීම් පිළිබඳව පැමිණිලි 32 පසුගිය මාස තුනක කාලය තුළ කොන්සල් ජනරාල් කාර්යාලයට ලැබී ඇත.

 
මේ වංචාවන් සිදුකොට ඇත්තේ විවිධ නම්වලින් මේ රටේ ආයතන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් හා මෙහි රැකියා විසා මත ජිවත්වන මෙන්ම විසා රහිතව අනවසරයෙන් ජිවත් වන පුද්ගලයන් විසිනි.
 
රැකියාවක් සඳහා ශ්රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් යම් අයෙකු ගෙන්වා ගැනීමට අවශ්ය නම් ඒ සඳහා ලියාපදිංචි වූ රැකියා ඒජන්සි හරහා ගෙන්වා ගැනීමට පිළිගත් ක්රමවේදයක් තිබේ. එයට අමතරව පුද්ගලික මට්ටමේ අයදුම්පත් මගින්ද රැකියා සඳහා පුද්ගලයන් ගෙන්වාගත හැක.
 
එසේ තිබියදී ව්යාජ ලිපිලේඛන සකසන පුද්ගලයන් හරහා තම පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් ගෙන්වා ගැනීමට වසර ගණනාවක් ශ්රී ලාංකිකයන් රවටා මුදල් වංචාකරන මෙවැනි අපරාධකරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස සියළු දෙනාටම දැන්වීමට කැමැත්තෙමි.
 
මෙවැනි කිසිදු තරව්කරුවෙකු සමඟ කොන්සල් ජනරාල් කාර්යාලයේ හෝ කාර්යය මණ්ඩලයේ සබඳතාවයක් නොමැති බව දන්වන අතර කොන්සල් ජනරාල් කාර්යාලයේ හෝ කාර්යය මණ්ඩලයේ නාමය භාවිතා කරමින් යමෙකු මෙවැනි වංචා කරන්නේ නම් ඒ පිළිබඳව අපහට නොපමාව දැනුම් දෙන ලෙස මෙයින් කාරුණිකව දන්වනු ලැබේ.
 
උපුටා ගැනීම - Consulate General Of Sri Lanka, Cyprus FB Page