සංක්‍රමණික ජන්ද අයිතිය සුරකීමට වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස් (VoM) සහ පැෆ්රල් සංවිධාන අතර සාකච්ඡාවක්

සංක්‍රමණික ජන්ද අයිතිය සුරකීමට වොයිස් ඔෆ් මයිග්‍රන්ට්ස් (VoM) සහ පැෆ්රල් සංවිධාන අතර සාකච්ඡාවක්

සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාවට ස්වකීය ඡන්ද අයිතියට ප්‍රවේශය තහවුරු කරනු පිණිස ගත හැකි ක්‍රියාමාර්ග හා අභියෝග  පිළිබඳව සංක්‍රමණික හඬ (Voice of Migrant-VoM) ජාලය විසින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල්) සංවිධානයේ විධායක  අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි සමග සාකච්ඡාවක් ජුනි (16) දින පැෆ්රල් සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකික මිලියන තුනකට අධික (03) පුරවැසියන් ලෙස සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ද තමන්ට අවශ්‍ය නියෝජිතයන් තෝරාගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ගැනීම ප්‍රමුඛ කටයුත්තක් බවත් ඒ සඳහා පැෆ්රල් සංවිධානයේ සහය සහ මැදිහත්වීම නොමඳව ලබා දෙන ප්‍රකාශ කරන ලදී.  

එම අවස්ථාව සඳහා ‘සංක්‍රමණිකයින්ගේ හඬ‘ (VOM) නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කල්ප මධුරංග, මාධ්‍ය කමිටු සාමාජික සුජීව සෙනරත්, ප්‍රසාදි නිරෝෂිකා හා සම්බන්ධීකාරක ප්‍රියාන් විජේබණ්ඩාර යන මහත්වරුන් හා ෆැපරල් සංවිධානෙය් ජාතික සංවිධායක සුජීව ගයනාත් මංජුල මහතා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.