ඉදිරි කාලයේ කොරියාවේ යන්න ඉන්න අයට සුබයි

ඉදිරි කාලයේ කොරියාවේ යන්න ඉන්න අයට සුබයි

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් සුබ ආරංචියක් නිකුත්කර තිබේ.ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර ඇති ආකාරයට එළැඹෙන සතියේ සිට කොරියාවේ රැකියා සඳහා සතියකට රැකියා අපේක්ෂකයින් 300ක් පිටත්කර හැරීමට සැලසුම් සකස්කර ඇත.

 "කොරියානු රැකියා සදහා ලබන සතියේ සිට, සතියකට තුන්සියයක් පිටත් කර යැවීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා අද මට සහතික වුණා. ඒ අනුව මේ  වසර තුළදී කොරියානු රැකියා සදහා 5800 දෙනෙක් පිටත් කර යැවීමේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ වන විට කොරියානු රැකියා සදහා ගිවිසුම් ලැබී, විවිධ හේතු නිසා එම ගිවිසුම් අවලංගුවන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කළා."  යනුවෙන් අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

11