ඕස්ට්‍රේලියාවට පනින්න සූදානමින් සිටි 45ක් අල්ලයි

ඕස්ට්‍රේලියාවට පනින්න සූදානමින් සිටි 45ක් අල්ලයි

නීිතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට සූදානමින් උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි 45 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හබරාදූව පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  

මෙම සැකකරුවන් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, එහි කාන්තාවන් හත්දෙනෙකු සහ ළමයින් තුන්දෙනෙකුද වන බව පොලිසිය සඳහන් කරයි.