ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් සම්මානයක්

ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියාවෙන් සම්මානයක්
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දේපළ වෙළෙඳාම් පිළිබඳ ප්‍රදානතම සම්මාන උළෙලක් වන REIV සම්මාන උළෙලේ දී වසරේ හොඳම අලෙවිකරුවා ට පිදෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් වන රැව් ශ්‍රී මහතා සමත්ව තිබේ.
 
රැව් ශ්‍රී මහතා ඔස්ට්‍රේලියාවේ පළ වන ශ්‍රී ලංකා ඩිරෙක්ටරියේ නිර්මාතෘ සහ හාර්කෝට්ස් දේපළ වෙළෙඳ ආයතනයේ අලෙවිකරණ කළමනාකරු ද වේ.
 

කෙසේවෙතත් එම සම්මානය දිනාගැනීමෙන් පසු රැව් ශ්‍රී මහතා ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තවත් සම්මාන උළෙලක් සඳහා වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.