ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් සිටි ලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටුවෙයි

ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් සිටි ලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටුවෙයි
ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා සුදුසුකම් ලබා පිටත්ව යාමට නියමිත ව සිටින රැකියාලාභීන් දොළොස් දෙනකු වෙත පසුගියදා ගුවන් ගමන් ප්‍රවේශපත්‍ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනු ලැබුවා. සාත්තු සේවිකාවන් හතර දෙනෙක් 19 වැනිදාත්, 22 වැනිදා හය දෙනකුත්, 23 වැනිදා සහ 24 වැනිදා එක් අයකු බැගිනුත් පිටත් ව යාමට නියමිතයි. මෙම වර්ෂයේ ලැබී ඇති රැකියා අවස්ථාවන් 500න් මේ වන විට 151 දෙනකු රැකියා සදහා යොමු කර අවසන්. පිටත් ව යාමට නියමිත මෙම පිරිසත් සමග එය 163 දක්වා ඉහළ යන බවත් සඳහන්.
 
මෙවර ලැබී ඇති රැකියා අවස්ථා පන්සියයෙන් 450ක් සාත්තු සේවිකාවන්. සාත්තු සේවකයන් සදහා ලැබී ඇත්තේ අවස්ථා 50ක් පමණයි. එයින් මේ වන විට රැකියා ගිවිසුම් 244ක් ලැබී අවසන්. ඉතිරිව ඇති ගිවිසුම් 256 ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතයි. මෙවර ලැබුණු අවස්ථා 500 සදහා සෆෙ පදනම විසින් අයදුම්කරුවන් 641ක් සම්මුඛ පරීක්ෂණයට ලක් කර තිබුණා.
 
අද දවස වන විට PIBA ආයතනයට ලොතරැයි වාර 6ක් සදහා අයදුම්කරුවන් 1984කගේ අයදුම්පත් යොමු කර අවසන්. පළමු ලොතරැයියට අයදුම්කරුවන් 464ක් යොමු කළ අතර එයින් 155 දෙනකුට රැකියා අවස්ථා උදා වුණා.
 
දෙවැනි ලොතරැයි වාරයට අයදුම්කරුවන් 419ක් ඉදිරිපත් කළා. එයින් 207 දෙනකුට අවස්ථාව උදා වුණා. තුන් වැනි ලොතරැයි වාරයේ දී අයදුම්කරුවන් 249 දෙනකු අතරින් 170ක් සුදුසුකම් ලැබුවා. සිවුවැනි ලොතරැයියට ඉදිරිපත් කළ අයදුම්කරුවන් 199 අතරින් 145 දෙනකුට ම අවස්ථාව ලැබුණා. පස්වැනි, එනම් අවසන් ලොතරැයියට ඉදිරිපත් කළ අයදුම්කරුවන් 227 දෙනාගෙන් 170 දෙනකුට අවස්ථාව හිමි වුණා.
 
මේ වන විට 6 වැනි ලොතරැයි වාරය ක්‍රියාත්මක වීමට නියමිත ව තිබෙනවා. ඒ සදහා අයදුම්කරුවන් 426කගේ අයදුම්පත් යොමුකර තියෙනවා. ඒ අයදුම්කාරියන් 224ක් සහ අයදුම්කරුවන් 202ක් ලෙසින්. හයවැනි ලොතරැයිවාරයේ ජයග්‍රාහකයන් නුදුරේම දැන ගැනීමට හැකි වේවි.