කටුනායක ගුවන් තොටේ සිදුවෙන මහා පරිමාන ඡාවාරමක තතු එළියට -ප්‍රවේශමෙන්!

කටුනායක ගුවන් තොටේ සිදුවෙන මහා පරිමාන ඡාවාරමක තතු එළියට -ප්‍රවේශමෙන්!

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණෙද්දි රැගෙන එන ඩොලර්වලින් අඩකටත් වඩා හොර පාරෙන් ගුවන් තොටුපොළෙන් පන්නන සංවිධානාත්මක ජාවාරමක් අනාවරණය වී ඇත.

ගුවන්​ තොටුපොළේ ඇති බැංකු හා තීරු බදු රහිත වෙළෙඳසල්වල සිටින නිලධාරීන් සම්බන්ධ කරගෙන මෙම ජාවාරම කරන බව හෙළි වී තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ බව කියන ගුවන් තොටුපොළ බැංකු ශාඛාවක නියෝජ්‍ය කළමනාකරුවකු රුපියල් ලක්ෂ ගණනක මුදල් ද සමග අසුවීමත් සමග මෙම ජාවාරම අනාවරණය වී ඇත. පිටතින් ලක්ෂ ගණන් මුදල් රැගෙන එන මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් තීරුබදු රහිත වෙළෙඳසල් හා බැංකු වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එදිනට පවතින ඩොලරයේ අගයට වඩා වැඩිපුර ගෙවා හොර පාරෙන්ම රුපියල් ගෙවන බව හෙළි වී තිබේ.

බැංකු කවුන්ටර්වලට එන ශ්‍රී ලාංකිකයන්ටත් පවතින මිලට වඩා රුපියලක් ​හෝ වැඩිපුර ගෙවා බැංකු ගත නොවන අයුරෙන් ඩොලර් පැන්නීමට මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ නිලධාරීන් කටයුතු කරන බව දීර්ඝ විමර්ශනයකින් හෙළි වී ඇත. රේගු නිලධාරීන්ව පරීක්ෂා කිරීමට අවකාශ නොතිබීම මත දූෂිත නිලධාරින්ද මේ අයුරින් ඩොලර් පන්නන බව හෙළි වී තිබේ.

වැඩි ගණනට ඩොලර් මිලදී ගැනීමට සිටින ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් සමග එක්ව දිනපතා මෙම ජාවාරම කරගෙන යන බව හෙළි වී ඇත. රටට ගලා එන ඩොලර් බැංකු ගත නොවී යන ජාවාරම මෙන්ම තීරුබදු නොගෙවා ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳගෙන එන අයුරෙන් රත්රන් ගෙන එන ජාවාරමක්ද හෙළි වී ඇත.

මේ හේතුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. වහාම මෙම ජාවාරම නැවැත්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා රේගු බලධාරීන්ට දැනුම් දී ඇත. විමර්ශකයන්ට අනුව දින රන් කිලෝ පනහකට වඩා රට තුළට එන බවද හෙළි වී තිබේ.