01. ගැටළුව : සේවා ස්ථානය තුළ සිදුවිය හැකි ලිංගික හිංසනයන් මොනවාද?
පිළිතුර:
සේවා ස්ථානය තුළ ලිංගික හිංසනය ආකාර 02කින් සිදුවිය හැකිය. එනම්,
ලිංගික හිංසනය සිදුවිය හැකි ක්‍රියාකාරකම් විවිධ වේ. ඒවා නම්
02.ගැටළුව: ලිංගික හිංසනය සිදුවන ආකාර මොනවාද?
පිළිතුර:
ලිංගික හිංසනය ආකාර දෙකකින් සිදුවිය හැකිය.ඒවා නම්,
ශාරිරික හිංසනය
වාචික හිංසනය
03. ගැටළුව : ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය පිළිබඳව පවතින නීතිමය ප්‍රතිපාද මොනවාද?
පිළිතුර:
අල්ලස් පනත ප්‍රකාරව රාජ්‍ය අංශයෙහි රාජ්‍ය සේවකයෙකු විසින් තම නිල රාජකාරි ඉටු කිරීමේදී වෙනත් කිසියම් තැනැත්තෙකුගෙන් යම් රාජකාරියක් ඉටුකිරීම හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීම සඳහා හෝ එවැනි දෙයක් ඉක්මන් කිරීම, ප්‍රමාද කිරීම, බාධා කිරීම, වලක්වාලීම, ඒ සඳහා සහය ලබා දීම හෝ අනුග්‍රහය දැක්වීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් ලෙස කිසියම් තුටු පඩුරක් ඉල්ලා සිටීම හෝ භාර ගැනීම මගින් ලිංගික අල්ලස් ලබා ගැනිම වරදකි.
සේවා ස්ථානයක හෝ වෙනත් කිසියම් ස්ථානයක බලයලත් කිසියම් තැනැත්තෙකු විසින් ක්‍රියාවන් මගින් හෝ වචන මගින් සිදු කරන පිලිගැනීමක්, සිදු කරනු ලබන ලිංගිකමය ප්‍රවේශයක් මගින් ලිංගික හිංසනය යන වරද සංස්ථාපනය කරනු ලබයි.
තවද වචන හෝ ක්‍රියාවන් භාවිතා කිරීම මගින් පහර දීම හෝ සාපරාධී බලහත්කාරකම් පෑම තුලින් වෙනත් යම් තැනැත්තෙකුට ලිංගික අප්‍රසන්නතාවය හෝ හිරිහැර පමුණුවන ඕනෑම තැනැත්තෙකු ලිංගික හිංසනය යන වරද සිදු කරනු ලබයි.
04 ගැටළුව: ලිංගික හිංසනයට ගොඳුරු වූ අයෙකුට ශ්‍රී ලංකා නීතිය තුළ ලබාගතහැකි නීතිමය සහන කවරේද?
පිළිතුර:
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලිංගික හිංසනයට වරදකරුවෙකුට අවුරුදු 05ක කාලයක් දක්වා බරපතල වැඩ සහිතව සිර දඬුවමකින්, දඩයකින්, හා සිරදඬුවම යන දෙයාකාරයෙන්ම සහ වින්දිතයාට වන්දි මුදලක් ලබා දීමට අධිකරණයට නියම කල හැකිය.
අල්ලස් පනත ප්‍රකාරව රාජ්‍ය සේවකයෙකුට එරෙහිව වරදකරුවූ විට අවුරුදු 07 නොඉක්මවන කාලයක් දක්වා වූ සිර දඬුවමකින් සහ රුපියල් 5000 නොඉක්මවන දඩයකින් දඬුවම් කළ හැකිය.
