01. ගැටළුව
ශ්‍රී ලංකාවේ මානුෂීය නීතිය බලගැන්වීමට මැදිහත්වෙන උසාවි හෙවත් අධිකරණ ක්‍රමය පැහැදිලි කරන්න.
පිළිතුර
නීතිය මුල්කොට ගනිමින් යුක්තිය පසිඳලන විවිධ අධිකරණ හෙවත් උසාවිවලින් යුක්ත ව්‍යුහය අධිකරණ ක්‍රමය ලෙස හඳුන්වයි.මෙම ක්‍රමය රටින් රටට වෙනස්වන අතර එකම රටක් තුළ වුවද යම් යම් දේශපාලනික වෙනස්වීම් මත කාලයෙන් කාලයට එහි පත්කිරීම් සහ අධිකරණ සංයුතියෙහි වෙනස්වීම් දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය ඉහළ අධිකරණයේ සිට පහළ අධිකරණය දක්වා වූ ධූරාවලියකින් යුක්ත වේ.එය පහත පරිදි වෙයි.
02.ගැටළුව
ශ්‍රේෂ්ඨාධිකරණය යනු රටේ උපරිමාධිකරණයයි. එහි කාර්යභාරය පිළිබඳ හැඳින්වීමක් කරන්න.
පිළිතුර:
ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල හා කාර්යභාරය පහත අයුරින් දැක්විය හැකිය.
තවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන්නේ අග්‍රවිනිශ්චකාරවරයා ඇතුළු 06 දෙනෙකුට නොඅඩු දස දෙනෙකුට නොවැඩි අනිකුත් විනිශ්චයකරුවන් මඩුල්ලකි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අගවිනිසුරු අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම සිදුකරනු ලබන්නේ ජනරජයේ ජනාධිපතිවරයා විසින් තම අත්සන යටතේ අධිකාර පත්‍රයක් මගිනි.
03. ගැටළුව:
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා පවතින සිවිල් හා අපරාධ අධිකරණ කවරේද?
පිළිතුර:
සිවිල් නඩු සම්බන්ධයෙන් පවතින මූලික අධිකරණය දිසා අධිකරණයයි. දිසා අධිකරණයක විනිසුරුවන් පත් කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගිනි.
දිසා අධිකරණයක දේපල භාරකාරත්වය,තෙස්තමේන්තු නඩුකර,වෛවාහික ආරවුල්,දික්කසාද,සුජාත හා අවජාතක භාවය තීරණය කිරීමේ මුල් අවස්ථා අධිකරණ බලය දිස්ත්‍රික් අධිකරණයට හිමිවේ.
පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන අධිකරණ බලතල මෙම මහාධිකරණය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
තවද අධිකරණ සංවිධාන පණත යටතේ දක්වා ඇති වැරදි සම්බන්ධව නඩු විභාග කිරීමට,තීරණය කිරීමට,දඬුවම් දීමට මහාධිකරණයට බලය ඇත.
දහ දෙනෙකුට නොඅඩු 16කට නොවැඩි විනිශ්චකරුවන් ගණනකින් සමන්විත වේ.
04.ගැටළුව:
අප ජන ව්‍යවහාරයේ භාවිතා කරන පොලිස් උසාවිය හෙවත් මහේස්ත්‍රාත් අධිකරණයක කාර්යභාරය හා එහි බලතල මොනවාද?
පිළිතුර:
මහේස්ත්‍රාත් අධිකරණය සම්පූර්ණයෙන්ම මුල් අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි.බොහෝ අවස්ථාවලදී මෙම අධිකරණය වෙත නඩු පැවරීම සිදුකරනු ලබන්නේ පොලීසිය මගිනි.පොලිස් උසාවිය යනුවෙන් හදුන්වනු ලබන්නේද එබැවිනි.
මහෙස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරුන් පත් කිරීම සිදු කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගිනි.
මෙහිදී අපරාධමය වැරදි නිර්වචනය කර ඇති දණ්ඩනීති සංග්‍රහය ,අපරාධ නඩු විධාන සංග්‍රහ පණත්වලට අනුව එම වැරදි විභාග කිරීමේ බලය මහෙස්ත්‍රාත්වරයෙකුට ඇත.මහේස්ත්‍රාත් අධිකරණයකදී නියම කළ හැකි උපරිම දඬුවම වන්නේ අවුරුදු 02ක සිරදඬුවමක් හෝ දඩයක් නියම කිරීමයි.
තවද මහාධිකරණයක් විසින් පමණක් දඬුවම් නියම කළහැකි බරපතල වැරදි සම්බන්ධ ප්‍රාථමික නඩු විභාග කිරීමේ බලය ඇත. මහේස්ත්‍රාත් අධිකරණ තීරණයකින් අතෘප්තියට පත් පාර්ශවයකට ඒ පිළිබඳව පළාත්බද මහාධිකරණයට අභියාචනා කළ හැකියි.
