කම්කරු සබඳතාවලට වැදගත්වෙන ආයතන ගැන පැහැදිලි කිරීමක්

කම්කරු සබඳතාවලට වැදගත්වෙන ආයතන ගැන පැහැදිලි කිරීමක්

01 ගැටළුව

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පැහැදිලි කරන්න

පිළිතුර :

ශ්‍රී ලංකාවේ කාර්මික සම්බන්ධතා පිළිබඳව පවතින්නාවූ ප්‍රධානම රාජ්‍ය ආයතනය කම්කරු දෙපාර්තමේන්තුව වේ.මෙහි ඉහළම අධිකාරිය වන්නේ කොමසාරිස් ජනරාල්වරයායි.තවද මෙම දෙපාර්තමේන්තුවේ මූලිකම කාර්යභාරය වන්නේ විවිධ කම්කරු නීතින් ක්‍රියාත්මක කිරීමයි.නමුත් මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රටේ කාර්මික සාමය ඇතිකිරිමත් එය පවත්වාගෙන  යාමත් සහ රටේ ශ්‍රම බලකායේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරිමත්ය.මේ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව විසින් පහත කාර්යයන් සිදුකරනු ලබයි.

01.කම්කරු නීතීන් ක්‍රියාවට නැංවීම තුළින් කාර්මික ආරවුල් නිරාකරණය කිරීම.

02.වැඩකරන ප්‍රජාව අතරට කම්කරු නීතින් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම සහ සමාජ සාකච්ඡා වැඩිදියුණු කිරීම.

03.කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, විවිධ ව්‍යාපාර සඳහා, නව ව්‍යාපාර සඳහා සමීක්ෂණ පැවැත්වීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එකී ව්‍යාපාර සඳහා ප්‍රමිතීන් සැකසීම.

04.සේවක අර්ථසාධක අරමුදල සඳහා උනන්දු කිරීම, එහි ප්‍රතිලාභ සාමාජිකයින් සඳහා ලබාදීම සහ අනුමත පෞද්ගලික අර්ථ සාධක අරමුදල් අධීක්ෂණය කිරීම.

05.රැකියාවන්හි නිරතවෙන තරුණ ළමුන්, කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව සඳහා නීති ක්‍රියාත්මක කිරීම.

06.කර්මාන්තශාලාවල ආරක්ෂාව සෞඛ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම හඳුන්වාදීම, දැනුවත් කිරීම් සහ ඒවා අධීක්ෂණය කිරීම.

 මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන ආයතන 13ක්,කම්කරු කලාප කාර්යාල 11ක්,දිස්ත්‍රික් කම්කරු කාර්යාල 39ක් සහ නියෝජ්‍ය කම්කරු කාර්යාල 17ක්,දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂණ ඉංජිනේරු කාර්යාල 10ක් ඇතිකර ඇත.

 මූලාශ්‍ර :http://www.labourdept.gov.lk

02.ගැටළුව:

හාම්පුතුන්ගේ සම්මේලනය(Employers Federation of Ceylon) යනු කුමක්ද?

පිළිතුර :

හාම්පුතුන්ගේ සම්මේලනය යනු තම සාමාජිකයින් සඳහා විවිධ සේවාවන් ලබා දෙන සේවායෝජකයන්ගේ සංවිධානයකි. එමගින්,

01.කම්කරු නීති උපදේශ සහ නීති සාකච්ඡා ලබා දීම, කම්කරු සබඳතා සහ මානව සම්පත් කලමණාකරණය

02.කම්කරු උසාවි, විනිශ්චය සභාවලදී, බේරුම්කරණයේදී කම්කරු දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනවල තුල සේවායෝජකයා වෙනුවෙන් නියෝජනය කිරීම.

03.සාමූහික කේවල් කිරීම සම්බන්ධව වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේදී ඊට සහාය වීම

තවද මෙම හාම්පුතුන්ගේ සම්මේලනය වෘත්තීය සමිති ආඥා පණත යටතේ ප්‍රථම ලියාපදිංචි වෘත්තිය සමිතිය ලෙසත් දැනට එහි සාමාජික සමාගම් 520කට ආසන්න ප්‍රමාණයක් එහි සාමාජිකත්වය දරයි.

03 ගැටළුව:

කම්කරු විනිශ්චය සභාව යනු කුමක්ද?

පිළිතුර:

1957 අංක 62 දරණ කාර්මික ආරවුල් (සංශෝධන) පණත යටතේ 1958 ඇති කරන ලද්දකි. මෙමගින් කම්කරුවන්ට (කම්කරුවන් වෙනුවෙන් නියෝජනය කරන වෘත්තීය සමිතිවලට) අසාධාරණ සේවා අවසන් කිරීමකදී, හිග වැටුප් ලබා ගැනීමට, යනාදී සහන ලබාගැනීමට කම්කරු විනිශ්චය සභාව මගින් පුළුවන. ලංකාව පුරා 30ට අධික ප්‍රමාණයක් කම්කරු විනිශ්චය සභා පිහිටුවා ඇත.

තවද සේවකයකුගේ සේවය අවසන් කර මාස 6ක් ඇතුලතදී කම්කරු විනිශ්චය සභාවට අයදුම්පත්‍රයක් යොමු කල යුතු වන්නේය.

4 ගැටළුව.

ආයෝජන මණ්ඩලයේ (BOI) කම්කරුවන්ගේ සබදතා අපනයන සැකසුම් කලාප (EPZ) යනු කවරේද?

පිලිතුර: ශ්‍රී ලංකාවේ ආයෝජන ගලාගෙන ආවේ අපනයන සැකසුම් කලාපය ඇතිකිරීමත් සමගය. එය 1978 අංක 04 දරණ මහ කොළඹ ආර්ථික කොමිසම මගිනි. මෙහි ප්‍රධාන අරමුණ වුයේ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමත්ය. මෙම අපනයන ආදායම් සැකසුම් කලාප ඇතිකිරීමත් සමග විවිධ කර්මාන්ත ඇතිවීම සහ විවිධ රැකියා අවස්ථා බිහිවිය. මෙම පසුබිම තුල නව සේවක සබදතා සංස්කෘතියක් මෙම ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපය තුල බිහිවිය. බොහෝ පාර්ශවයන් තීරණය කලේ ලංකාවේ පවතින විවිධ කම්කරු නීතීන් මෙම කලාපය තුළ අදාළකර නොගන්නා බවයි.මෙම කලාපයේ සේවයකරන සේවකයන්හට මෙම කම්කරු නීතීන් බලනොපාන බවයි.තවද මෙම ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප සඳහා බදු නිදහස් ,දේශීය ආදායම් බහු ජාතීන් නිදහස් කිරීම,රේගු ආඥා පනත සහ විනිමය පාලන පණතින් නිදහස් කිරීම් ආදී විවිධ සහන රැසක් ලබාදී ඇත.තවද මෙම ආයෝජන කලාප තුළ සේවකයින්ට වෘත්තීය සමිති ඇතිකර ගැනීමට  නීතිමය බාධාවක් නැති වුවද සීමාසහිත වෘත්තීය සමිති ගණනක් පමණක් මෙම කලාපය තුළ ක්‍රියාත්මක වේ.එයට හේතුව වන්නේ

01.මෙම කලාපය තුළය පිටස්තරයින්ට ඇතුළු වීමට ඇති සීමාව සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සඳහා ඇති අයිතිය එමගින් සීමා වී ඇත.

02. ඒකාබද්ධ සභා (joint council) සහ සේවක සභා(EC) මගින් සේවකයින්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන හෙයින් වෘත්තීය සමිතිවලට ඒකතුවීමේ අවශ්‍යතාවය නොදැනෙයි.

03.මෙම කලාප තුළ සේවය කරන්නේ බහුතරයක් කාන්තාවන් නිසා වෘත්තිය සමිති නියෝජනයට එන කාන්තාවන් ප්‍රමාණය අඩුයි.

04. වෘත්තිය සමිති කෙරෙහි පවතින අසුබවාදී ආකල්පය නිසා ඒත් සමඟම කලාප තුළ සේවායෝජකයින් විසින් සේවකයින්ව අධෛර්යමත් කිරීමට (වෘත්තීය සමිති කෙරෙහි පවතින) සෑම දෙයක්ම කිරීම.

05.ජාත්‍යන්තරය විසින් සිදුකරන සොයා බැලීම් ආයෝජන කලාපය තුළ සේවය කරන සේවකයින්ගේ සේවා කොන්දේසි, සෞඛ්‍ය හා ආරක්ෂාව, සුබසාධනය යනාදී කරුණු ගැන සේවායෝජකයා විසින් උපරිම ප්‍රයත්නයක් ගැනීම සේවක සුබසාධන ප්‍රමතිය පවත්වාගෙන යාමට

නමුත් බහුතර සේවායෝජකයින් ඇති කරන ලද සේවක සභා(Employees councils) මගින් වඩා කාර්යක්ෂම සේවාවක් සේවකයින්ට ලබා දෙනවා යැයි කිව නොහැකිය.