‘ලොරෙන්සෝ පුතා 04’ : සීෂෙල්ස් බලධාරීන් භාරයේ සිටින ශ්‍රී ලංකා ධීවරයින් උපවාසයක

‘ලොරෙන්සෝ පුතා 04’ : සීෂෙල්ස් බලධාරීන් භාරයේ සිටින ශ්‍රී ලංකා ධීවරයින් උපවාසයක

සීෂෙල්ස් රාජ්‍ය භාරයේ ඇති ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ ධීවරයන් හය දෙනා ආරම්භකර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මකය.

උපවාසයේ නිරත ධීවරයන් වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය මාසයක් ඉක්ම යන තෙක් තමන් ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව ය.

ලොරෙන්සෝ පුතා 04 බහුදින යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කරන දුශාන් ප්‍රනාන්දු මේ වීඩියෝව නිකුත් කර ඇති අතර ඔහු ඉන් කියා සිටින්නේ ` තමන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා නොගතහොත් දැඩි තීරණයක් ගන්නා බවයි .

මේ අතර, මෙම ධීවරයන්ගේ පවුල් වල සාමාජිකයෝ (මාර්තු 01 වැනිදා) දහවල් මාරවිල තොඩුවාව ට රැස් වූහ. එහිදී ඔවුන් කියා සිටියේ තම ඥාතීන් ට බීමට ජලය පවා සපයා ගැනීමට නොහැකිව ඇති බව ය.

"සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත්  ධීවරයින් 06 දෙනා  සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි  වික්ටෝරියා   වරායේ නැංගුරම් ලා  තිබෙනවා. ඔවුන් බේරාගෙන  මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා  ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා  මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිවයුතු හැම  තැනකටම ගියා" යැයි 'ලොරෙන්සෝ  පුතා - 4' බහුදින  යාත්‍රාවේ  හිමිකරු වන ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ‍ මෙහිදී  ප්‍රකාශ කළේය.ඡායාරූප මූලාශ්‍රය,PROVIDED

"සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත්  ධීවරයින් 06 දෙනා  සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි  වික්ටෝරියා   වරායේ නැංගුරම් ලා  තිබෙනවා. ඔවුන් බේරාගෙන  මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා  ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා  මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිවයුතු හැම  තැනකටම ගියා" යැයි 'ලොරෙන්සෝ  පුතා - 4' බහුදින  යාත්‍රාවේ  හිමිකරු වන ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ‍ මෙහිදී  ප්‍රකාශ කළේය.

| ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව

"සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් ධීවරයින් 06 දෙනා සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි වික්ටෝරියා වරායේ නැංගුරම් ලා තිබෙනවා. ඔවුන් බේරාගෙන මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිවයුතු හැම තැනකටම ගියා" යැයි 'ලොරෙන්සෝ පුතා - 4' බහුදින යාත්‍රාවේ හිමිකරු වන ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ‍ මෙහිදී ප්‍රකාශ කළේය.

"බය වෙන්න එපා, අපිට කාලය ඕනේ. තව දවස් දෙක තුනකින් කියන්නම් හරියටම එයාලව කවදා ද ගේන්න පුලුවන් කියලා." යනුවෙන් තමන් පසුගිය බදාදා දින (පෙබරවාරි 28 වැනිදා) විදේශ කටයුතු අමාත්‍යංශයට කතාකළ විට එහි නිලධාරියෙකු එසේ පිළිතුරු දුන් බව ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.

ඔහු පැවසූ පරිදි, සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගෙන් යාත්‍රාව සහ ධීවරයින්ව නිරුපද්‍රිතව බේරාගෙන ( පෙබරවාරි 29 වැනිදාට ) මාසයක් සම්පූර්ණ වී තිබේ.

“නමුත් ධීවරයින් පිරිස සහ යාත්‍රාව තාමත් ෂීෂෙල්ස් රටේ.” ධීවරයින් සහ යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ රජයෙන් අවශ්‍යකරන ලියකියවිලි සහ ගත යුතු නිසි නීතිමය පියවර ගැනීමට විශාල ප්‍රමාදයක්පවතින බව ඔහු සඳහන් කළේය.

"කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් ,  මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා  යන අය  මේ වැඩේ මේ  තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා  අපිට හරිම ප්‍රශ්නයක්" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.ඡායාරූප මූලාශ්‍රය,PROVIDED

"කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් ,  මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා  යන අය  මේ වැඩේ මේ  තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා  අපිට හරිම ප්‍රශ්නයක්" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.

| "කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් , මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා යන අය මේ වැඩේ මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක්" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.

"කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් , මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා යන අය මේ වැඩේ මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක්" යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.

ජනවාරි 17 වැනිදා ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව - දික්ඕවිට ධීවර වරායෙන් අරාබි මුහුද දෙසට සිය මංගල මුහුදු ගමන ආරම්භ කළේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟිනි. එ‍හ‍ෙත්, ජනවාරි 27 ‍වැනිදා, ‘ලොරෙන්සෝ පුතා 4’ මුහුදු ‍ ක‍ොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.

අවසානයේදී, ජනවාරි 29 ව‍ෙනිදා, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම ධීවරයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේ, ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙනි.

එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබුණි.

ෆ්‍රැන්සිස් මිල්රෝයි පවසන පරිදි, යාත්‍රාව පැහැරගැනීමෙන් පසු, සෝමාලියාව දෙසට තම ගමන ආරම්භ කළ හැකි පරිදි සංඥා ක්‍රියාත්මක කරන ලෙස මුහුදු කොල්ලකරුවන් නියමුවාට උපදෙස් දී තිබේ.

යාත්‍රාවේ නියමුවා වන දුශාන්ගේ මව ස්වර්ණා මල්කාන්ති කියා සිටියේ ,” අපි හැමෝම ල‍ොකු තිගැස්මක ඉන්නේ අපේ පුතාලාව දකිනකම්. ස්කිපර් දුශාන් මගේ පුතා. මගේ බෑනාත් ඒ අය එක්ක ඉන්නවා.”

“දැන් අපේ පවුල්වලට ආර්ථික ප්‍රශ්න බලපා තියෙනවා. දැන් මාසයක් වෙනවා එයාලට රස්සාවක් නෑ. එ නිසා මාසයක් ආදායම නැහැ. රජය ඔවුන්ගේ රාජකාරි කඩිනම් කළහොත් ඔවුන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි." ඇය පැවසුවාය.

"වාර්ෂිකව අපි යාත්‍රාවේ බලපත්‍රය ලෙස රජයට රුපියල් 50000.00 ක් ගෙවනවා. තවත් රුපියල් 120,000.00 ක් VMS රේඩාර් සිස්ටම් එකට ‍ ග‍ෙවනවා.”

ගුවන්විදුලි බලපත්‍රය සඳහා අපි තවත් රුපියල් 20,000.00 ක් වසර පහකට වරක් ගෙවනවා. ඒ වගේම යාත්‍රා නැංගුරම් ලෑම සඳහා අපි දිනකට රුපියල් 1300.00 ක් ගෙවනවා.

යාත්‍රාව ව‍ෙනුව‍ෙන් අපි රජයට විශාල මුදලක් ගෙවනවා. රටට තවත් විශාල මුදලක් උපයා ‍ ද‍ෙනවා. නමුත් අපි අමාරුවේ වැටුණහම ඔවුන්ට උදව් කරන්න බැහැ " යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය.

“අපේ ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය මුලදී අපට උදව් කළ බව ඇත්ත. නමුත් අපේ මිනිසුන් සහ මගේ යාත්‍රාව නිදහස්කර‍ග‍ෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ඒම ට අපේ රජයට වගකීමක් තිබ‍ෙනවා. තවත් පමා නොවී රජය වහා මැදිහත් විය යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

“මට පැහැදිලි නැති එක කාරණයක් තියනවා . ඒ මොකද්ද දන්නවද අපේ ධීවරයන්ව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහර ගත්තද නැත්නම් අපේ ධීවරයන් ඔවුන්ව පැහැර ගත්තද කියලා. මොකද අවසානයේ දඬුවම් විදින්නේ අපි නිසා” යැයිද ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය.

ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ’

"ලොකු සටනක් කරලා  තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ.වෙඩි හුවමාරුවක් පවා  සිදුවෙලා  තිබෙනවා. මේ වෙන කොට  මගේ යාත්‍රාව  සීෂෙල්ස් රටට ආසන්නවයි තිබෙන්නේ හෙට උදේ වෙන කොට අපේ  ධීවරයින්ට ඒ රටට ගොඩ බසින්න පුළුවන් 'යැයි මුහුදු කොල්ලකරුවන්ගේ  ග්‍රහණයෙන්  මුදවා  ගත් ලොරෙන්සෝ  පුතා 4  යාත්‍රාවේ  හිමිකරු  ෆ්‍රැන්සිස්  මිල්රෝයි පෙරේරා   පැවසීය.

| සීෂෙල්ස් වෙත ළඟා වූ ලොරොන්සෝ පූතා 4 යාත්‍රාව

"ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ.වෙඩි හුවමාරුවක් පවා සිදුවෙලා තිබෙනවා. මේ වෙන කොට මගේ යාත්‍රාව සීෂෙල්ස් රටට ආසන්නවයි තිබෙන්නේ හෙට උදේ වෙන කොට අපේ ධීවරයින්ට ඒ රටට ගොඩ බසින්න පුළුවන් 'යැයි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පැවසීය.

ශ්‍රී ලංකා රජයට හා සීෂෙල්ස් රජයට ස්තූති කිරීම සඳහා (ජනවාරි 30 වැනිදා) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේබව කියා සිටියේය.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය මේ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එහිදී එහි ලේකම් රුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙවැනි අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය බවය. ධීවර දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම එක් දිනක් ප්‍රමාද කළේ නම් මේ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසීය.

සීෂෙල්ස් වෙත ළඟා වූ ලොරොන්සෝ පූතා 4 යාත්‍රාව

| සීෂෙල්ස් වෙත ළඟා වූ ලොරොන්සෝ පූතා 4 යාත්‍රාව

"මේ සිදුවීම සැලවුණු වහාම මම ධීවර දෙපාර්තුමේන්තුව දැනුවත් කළා.විශේෂයෙන්ම ධීවර අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරිය, ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුවත් කළා. මේ සියලු දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමග එකතුව අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළා.මේ සඳහා රටවල් රැසක සහය ලැබුනා .ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ප්‍රකාශ කළේ සීෂෙල්ස් රාජ්‍යයෙන් අවශ්‍ය ඉන්ධන ආහාර හා අනෙකුත් අවශ්‍යතා ලබා ගැනීමෙන් පසු තම යාත්‍රාව මෙරට බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බවය.

"අපිට දැනගන්නට තියෙන විදිහට මුහුදු මංකොල්ලකරුවන් මේ යාත්‍රාව මංකොල්ල කාලා තියෙන්නේ අප්‍රිකාවට විකුණන්න.එහෙම වුනා නම් අපේ ධීවරයන්ට මොකද වෙන්නේ.මගේ බෝට්ටුව මංකොල්ල කද්දී ඉරාන යාත්‍රාවට අමතරව තවත් ඩිංගි බෝට්ටුවක් තිබිලා තියෙනවා.ඒ බෝට්ටුවේ ඉරාන ජාතිකයන් හා සෝමාලියානු ජාතිකයන් කීප දෙනෙක්ම ඉදාලා තියනවා.පස්සේ ඔවුන් මගේ යාත්‍රාවේ තිබුණු අහාර භාගයක්ම ඒ බෝට්ටුවට දීලා තියනවා.අපේ ධීවරයෝ (ජනවාරි 30 වැනිදා) උදේ පැයක් විතර මාත් එක්ක කතා කළා . ඒ අය හොඳ ශරිර සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා.මුල්ම අවස්ථාවේ අපේ ස්කිපර් ට පහර දීමක් කරලා තියනවා.නමුත් පසුව උයාගෙන කන්න දීලා තිබෙනවා.තවත් කරුණු තිබෙනවා මාධ්‍යට අනාවරණය කරන්න බැරි.” ඔහු පැවසීය.

“මේ සිමාවේ අපේ යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.මේ සියල්ල අනාරක්ෂිතයි මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් හා ධීවර දෙපාර්තුමේන්තුවෙන් මේ සදහා වැඩපිළිවෙලක් අවශ්‍යයි.'මේ මාධ්‍ය හමුවට එක්වූ වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන් පැවසීය

“මේ සිමාවේ  අපේ යාත්‍රා පන්සියයකට  ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.මේ සියල්ල අනාරක්ෂිතයි මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් හා ධීවර දෙපාර්තුමේන්තුවෙන්  මේ සදහා වැඩපිළිවෙලක් අවශ්‍යයි.මේ මාධ්‍ය හමුවට එක්වූ වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන් පැවසීය '

| “මේ සිමාවේ අපේ යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.මේ සියල්ල අනාරක්ෂිතයි මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් හා ධීවර දෙපාර්තුමේන්තුවෙන් මේ සදහා වැඩපිළිවෙලක් අවශ්‍යයි."මේ මාධ්‍ය හමුවට එක්වූ වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන් පැවසීය '

ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා බේරා ගැනෙයි

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා (2024 ජනවාරි 29 වැනිදා දක්වා) බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු කියා සිටියේ සීෂෙල්ස් ආරක්ෂක අංශ විසින් යාත්‍රාව සහ ධීවරයින් පිරිස බේරා ගෙන ඇති බවය.

ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ඒබව දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.

‘ලොරෙන්සෝ පුතා 4’ හිමිකරු පැවසුවේ යාත්‍රාවේ සිටි සිටින කාර්ය මණ්ඩල සමාජිකයින් සමග තමන් කතා කළ බවය.

ඔවුන් සුවෙන් පසුවන බවත් යාත්‍රාව සීෂෙල්ස් වෙත රැගෙන යමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

‘ලොරෙන්සෝ  පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස්  මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

| ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මොකද කියන්නේ ?

අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස තම සම්බන්ධීකරණයෙන් මුදවා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව නිවේදනය කළේ, අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන්, සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්වූ බවය.

නාවික හමුදාව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීෂෙල්ස් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඇතුළු කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන දැනුවත් කර ඒකාබද්ධ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් (Anti-Piracy Operations) සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combine Maritime Force – CMF) සහ කලාපීය නාවික හමුදාවන් වෙතින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව තොරතුරු හුවමාරු කරගනිමින් සාමූහිකව සිදුකල මෙම මෙහෙයුමෙහි ප්‍රතිඵලයක් ලෙස, සීෂෙල්ස් ආරක්‍ෂක බලකාය (Seychelles Defence Forces) විසින් එරට වෙරළාරක්‍ෂක බලකායට අයත් “TOPAZ” නමැති වෙරළාරක්‍ෂක මුර සංචාරක නෞකාව, එරට ප්‍රධාන දූපත වන “මාහේ” දූපතේ සිට නාවික සැතපුම් 230ක් දුරින් පිහිටි එරට අනන්‍ය ආර්ථික කලාපයට අයත් මුහුදු ප්‍රදේශය වෙත යොමු කර තිබේ.

ඒ අනුව, අද දින (2024 ජනවාරි 29) එම මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාව මුහුදු මංකොල්ලකරුවන්ගේ තිදෙනෙකු (03) සමඟින් සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකායේ “TOPAZ” වෙරළාරක්‍ෂක නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි මෙරට ධීවරයින් හය (06) දෙනා මෙලෙස නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.

මේවන විට “TOPAZ”නෞකාව මඟින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ධීවරයින් හය දෙනා (06) සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් පවතියි.

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ  පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස්  මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ  පුතා 4’ යාත්‍රාව සහ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ඇතැයි යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස්  මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

‘ලොරෙන්සෝ පුතා 4’

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනෙකු පසුගිය 27 වැනි දින දහවල් පැහැර ගැනීමට ලක්විය.

ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි තිදෙනෙකු මේ කොල්ලය සිදු කර ඇති බව දැනුම් දුන් බව ‘ලොරෙන්සෝ 4’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ජනවාරි 12 වැනිදා මෙම යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ දික්ඕවිට ධීවර වරායෙනි.

"අඩි හැටක් විතර දිග ඉරානයට අයිති යාත්‍රාවකින් ඇවිල්ලා තමයි මගේ බහුදින ධීවර යාත්‍රාව කොල්ල කලා තියෙන්නේ.මගේ යාත්‍රාවෙන් දැනුම් දීලා තියෙන්නේ සෝමාලියාවේ තුන්දෙනෙක් තමයි යාත්‍රාවට නැගලා අහසට වෙඩි තියලා මේ දේ කලේ කියලා. එදා උදේ මම පැයක් විතර කතා කළා බෝට්ටුවේ හිටපු හය දෙනාත් එක්කම.ඒ අය සියලු දෙනා හොඳින් ඉන්නවා කියලා කිව්වා "

මහා මුහුදේ ඉරාන මිතුදම

ජාත්‍යන්තර මුහුදේදී ධීවරයන් කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර නීතියට අනුකුලවය.ඊට අමතරව අවශ්‍යතාවයක් වූ විට ධීවරයින් එකිනෙකා සුහදව සහයෝගය දැක්වීමද සිදුවේ. විශේෂයෙන්ම මෙරට ධීවරයින් ඉරාන ධීවරයන් සමග හොඳ මිතු දමක් පවතින අතර අහාර බෙදා ගැනීම ඇතුළු ඕනෑ එපාකම් සඳහා පිහිට වීම මෙහිදී සිදුවේ.

මෙදින ඉරාන යාත්‍රාව ලොරෙන්සෝ පුතා 4 වෙත කිට්ටු කරද්දී එහි සිටි ධීවරයන් සිතා ඇත්තේ මොවුන් ඉරාන ධීවරයන් බවය.

එහෙත් නිමේෂයකින් ඇසුණු වෙඩි හඬත් සමග බෝට්ටුවේ සිටින්නේ සෝමාලියානු ජාතිකයන් තිදෙනෙකු බව ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාවේ ධීවරයන්ට අවබෝධ වන විට සියල්ල සිදුව ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන නියමුවා තම අනෙක් යාත්‍රාවට දැනුම් දී ඇත්තේ තමන් ඉරාන යාත්‍රාවකින් පැමිණි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුව ඇති බවය. මේ නිවේදනය දැනුම් දෙනවාත් සමග වහා ක්‍රියාත්මක වන මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සියලු පාලන කටයුතු සියතට ගෙන තිබේ.ඊට පෙර නියමුවාට බෝට්ටුවේ රතු බොත්තම දැල්වීමට හැකිව ඇති අතර ඒ අනුව ලොරෙන්සෝ 4 බහුදින යාත්‍රාවට අනතුරක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නැව් හා ශ්‍රී ලංකාවේ යාත්‍රා වලට හා ධීවර දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් පද්ධතියට දැනගන්නට ලැබිණි .මේ වන විට මේ යාත්‍රාවේ වී.එම්. එස් (වෙසල් මොනිටර් සිස්ටම්) පද්ධතිය අක්‍රීයව ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාව ගමන් කරන දිශාව හඳුනාගැනීමට නොහැකිව ඇත.

යාත්‍රා අනාරක්ෂිත ද?

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා ගණන 5600 ක් බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි . එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ මේ වන විට අරාබි ජාත්‍යන්තර මුහුදේ බහුදින ධීවර යාත්‍රා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රැකියාව කරන අතර ඔවුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් රජය හා ධීවර දෙපාර්තුමේන්තුව විශේෂ අවධානය යොමු කර ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 1600 කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කරන අතර ඔවුන්ගේ ප්‍රධාන පන්නය ටුනා මසුන් වන අතර ඉන් රටට විශාල විදේශ විනිමයක් ලැබේ.පසුගිය 27 වැනි දින සිදුවීමෙන් පසු තවත් සිදුවීම කීපයක් වාර්තා වූ බව ලොරෙන්සෝ පුතා 4 බහුදින යාත්‍රාවේ හිමිකරු පැවසීය.

"මගේ යාත්‍රාව මංකොල්ල කාපු කණ්ඩායම මගේ යාත්‍රාව අරගෙන ලංකාවේ තවත් යාත්‍රාවකට කිට්ටු කරලා තියනවා.කලින් දැනුම් දීම නිසා ඒ යාත්‍රාව දිසාව වෙනස් කරලා තියනවා. 28 වැනිදා රාත්‍රියේත් සොමාලියාවේ යාත්‍රාවක් අපේ යාත්‍රාවකට කිට්ටු කරලා.දැන් අපේ යාත්‍රා රැකියාව කරන්නේ බයෙන්.අපි ණය වෙලා තමයි මේ රැකියාව කරන්නේ.මම කොටි ගණනක් ණයයි.ලොරෙන්සෝ 1 මම විකුණුවා.ලොරෙන්සෝ 2,3 තිය‍ෙනවා.මේ තත්ත්වය තුළ අපි කොහොමද මේ රැකියාව කරන්නේ?” ඔහු විමසා සිටියේය.

‘අපි අසරණයි’

‘ලොරෙන්සෝ පුතා 4’ ධීවර යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටින අතර ඉන් තිදෙනෙකු එකම පවුලකට අයත් ඥාතීන් වෙයි. මේ ධීවරයෝ මාරවිල තොඩුවාව , කුඩාමඩුවැල්ල හා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති." මේ බෝට්ටුවේ මගේ පුතා ඉන්නවා. බෑනා තමයි ස්කිපර් තව ඥාති පුතෙක් ඉන්නවා.එක්කෙනෙකුගේ නෝනට බබා ලැබිලා දවස් තුනයි.තව කෙනෙක්ගේ නෝනා ට බබෙක් ලැබෙන්න.අපේ පිරිස ජාත්‍යන්තර මුහුදේ නිත්‍යානුකුලව රැකියාව කරද්දී තමයි මේ දේ වුනේ.”

ජාතික ධීවර සහයෝගිතාවයේ පුත්තලම හිටපු සම්බන්ධිකාරක ලොයෙල් පිරිස් පැවසුවේ,"අපේ ජනාධිපතිවරයා මීට සතියකට පෙර ජාත්‍යන්තර නැව් ආරක්ෂා කරන්න නාවික හමුදාව යවන්න සුදානම් කළා. දැන් අපේ ධීවරයන් ඉන්නේ අනතුරේ රැකියාව කරන්න අමාරුයි.ඒ නිසා අපි ඉල්ලනවා ජනාධිපතිවරයාගෙන් අරාබි මුහුදට ශ්‍රී ලංකාවේ නාවික යාත්‍රා දෙකක් යවන්න කියලා .

ඉන්දීය නාවික හමුදා මෙහෙයුම

මේ අතර ඉන්දීය ආරක්ෂක බලධාරීන් (ජනවාරි 29වැනිදා) ප්‍රකාශ කළේ අරාබි මුහුදේ කොචි සිට නාවික සැතපුම් 700 ක් බටහිර දෙසින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් තවත් ධීවරයින් පිරිසක් ඉන්දීය නාවික හමුදාවේ INS සුමිත්‍රා නෞකාව විසින් බේරාගෙන ඇති බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකුගෙන් පමණ සමන්විත MV Iman නමැති ඉරාන ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන තිබුණි.

"INS සුමිත්‍රා, සෝමාලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සහ ඒඩන් බොක්ක ආශ්‍රිත මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම්වල යෙදී සිටියදී ඉරාන ධජය සහිත ධීවර යාත්‍රාවක් MV ඉමාන් පැහැර ගැනීම සම්බන්ධ ආපදා පණිවිඩයකට ප්‍රතිචාර දක්වා ඇත.යාත්‍රාවට ඇතුළුවූ මුහුදු කොල්ලකරුවන් යාත්‍රාවේ සිටි පිරිස ප්‍රාණයට ගෙන ඇත,"ඉන්දීය නාවික හමුදා නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.

(bbc/Sinhala)