ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට සංශෝධන 07ක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට සංශෝධන 07ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විරෝධතාකරුවන් සහ දේශපාලන පස මිතුරන් මර්දන වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමෙන් අභ්‍යන්තරයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාව විශාල ගැටළුකාරී තැනකට ඇද වැටෙන බව The Digital Journalists Collective සංවිධානයේ අදහස බව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, එසේම ජිනීවා නුවර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය ලබන සැප්තැම්බර් දොළොස් වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිය දී ආණ්ඩුව මෙසේ අමනෝඥ ලෙස හැසිරීම අප තරයේ හෙළා දකිමු.

එපමනක් නොවේ ජාත්‍යන්තරය මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ වීමට නියමිත ව තිබිය දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත වැනි පසුගාමී නීති කර තබා ගෙන යාමෙන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ද කුකුසක් ඇති වීම වැලැක්විය නොහැක්කකි. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබී ගියහොත් රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වීම ස්ථීර බව ද පැහැදිලිය.

එම නිසා විරෝධතාකරුවන් මර්දනය වෙනුවෙන් සහ විරුද්ධවාදීන් දඩයම වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගැනීම වහා නවතා දමන ලෙසත්, එම පනත පහත කරුණු ඔස්සේ සමාලෝචනය කිරීමට කටයුතු කරන ලෙසත් අප තරයේ අවධාරණය කරමු. එසේ නොවුනහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් ද වලපල්ලට යනු ඒකාන්තය.

  1. රඳවා තබාගෙන සිටින සැකකරුවන් සිටින රැඳවුම් ස්ථානවලට පැමිණීම සඳහා මහේස්ත්‍රාත්වරයාට පැහැදිලිවම බලය පැවරීම.
  2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින පනත් පිළිබඳ අධිකරණ සමාලෝචනය ප්‍රකාශ කිරීම.
  3. නීතීඥවරුන්ට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හෝ රඳවාගෙන සිටින පුද්ගලයෙකු හමුවීම සඳහා අවස්ථාව සැලසීම සහ එසේ රක්ෂිත බන්ධනාගාරගතව හෝ රඳවාගෙන සිටින පුද්ගලයෙකුට සිය ඥාතීන් සමඟ සන්නිවේදනය කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම.
  4. ප්‍රකාශන තහනම් කිරීම සම්බන්ධයෙන් පවත්නා විධිවිධාන අවලංගු කිරීම.
  5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් දිනපතා නඩු විභාග පැවැත්වීම.
  6. නඩු විභාග පැවැත්වීම කඩිනමින් සිදු කිරීම තහවුරු කිරීම.
  7. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව හෝ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන්ට ඇප ලබාදීමට ප්‍රතිපාදන සැලසීම.