ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විරෝධතාකරුවන් සහ දේශපාලන පස මිතුරන් මර්දන වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමෙන් අභ්‍යන්තරයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාව විශාල ගැටළුකාරී තැනකට ඇද වැටෙන බව The Digital Journalists Collective සංවිධානයේ අදහස බව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, එසේම ජිනීවා නුවර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය ලබන සැප්තැම්බර් දොළොස් වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිය දී ආණ්ඩුව මෙසේ අමනෝඥ ලෙස හැසිරීම අප තරයේ හෙළා දකිමු.
එපමනක් නොවේ ජාත්‍යන්තරය මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ වීමට නියමිත ව තිබිය දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත වැනි පසුගාමී නීති කර තබා ගෙන යාමෙන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ද කුකුසක් ඇති වීම වැලැක්විය නොහැක්කකි. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොලැබී ගියහොත් රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වීම ස්ථීර බව ද පැහැදිලිය.
එම නිසා විරෝධතාකරුවන් මර්දනය වෙනුවෙන් සහ විරුද්ධවාදීන් දඩයම වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදා ගැනීම වහා නවතා දමන ලෙසත්, එම පනත පහත කරුණු ඔස්සේ සමාලෝචනය කිරීමට කටයුතු කරන ලෙසත් අප තරයේ අවධාරණය කරමු. එසේ නොවුනහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් ද වලපල්ලට යනු ඒකාන්තය.
