PTA භාවිතය ගැන ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

PTA භාවිතය ගැන ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළුවට ලක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනිය ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මෙම නිවේදනය නිකුත කර ඇත්තේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා තබා ගෙන විමර්ෂණ සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් අදාල අංශ වෙත අනුමැතිය ලබා දීමෙන් පසුවයි.

එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.