අභ්‍යාසලාභී  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී

අභ්‍යාසලාභී  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පළාත් සම්මුඛ පරීක්ෂණය 09 සහ 10 දින වල දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවාගැනීම සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය බස්නාහිර පළාත් අයදුම්කරුවන් සදහා 2021.10.09 සහ 2021.10.10 යන දිනයන් හීදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.