ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, අත්සන් කර ඇති ගිවිසුම් සියලූ ලිපි ලේඛන රටේ පුරවැසියන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අප රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව කි‍්‍රයාකරන බව මාධ්‍යවලින් වාර්තාවන අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද එවැන්නක් සිදුවන බව සනාථ කර ඇත.
ඉහත කී ආයතන වලට සම්බන්ධ වෘත්තීය සමිති රටේ ස්වෛරීභාවයට අනතුරක් මෙන්ම රටේ දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනි මේ කි‍්‍රයාවලියට විරුද්ධ වන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. ඒ බව ඔවුන් දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇත.
මෙහි පහත අත්සන් කරන ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික වෘත්තීය සමිති ආණ්ඩුවේ මෙම ජනතා විරෝධී වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අතර මෙම ආයතන වල පිහිටි වෘත්තීය සමිති ගෙන යන්නාවූ විරෝධතාවයට සහාය දැක්වීමටද තීන්දු කළෙමු.
එවගේම, ඇමෙරිකානු සමාගම සමග වත්මන් ආණ්ඩුව අත්සන්කර ඇති ගිවිසුම සහ රටේ පුරවැසියන්ගේ අගතියට බලපාන්නාවූ ඉහතින් සඳහන් කාරණාවලට අදාල සියලූ ලිපි ලේඛන, ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නොපමාව ප‍්‍රසිද්ධියට පත්කරන මෙන්ද, ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙන් එම කොමිසන් සභාවට ජනාධිපතිගේ විශේෂ තීන්දුවක් ලෙස වහා දැනුම් දෙන මෙන්ද ඉතා ඕනෑකමින් අපි ඉල්ලා සිටිමු.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය
