රට වසා තැබීම ඔක්තෝබර් 1 දක්වා දීර්ඝ කරයි

රට වසා තැබීම ඔක්තෝබර් 1 දක්වා දීර්ඝ කරයි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.