නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් එනිසා නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

එම සංගමය පෙන්වා දෙන්නේ ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ ආරම්භක අවස්ථාවේ ප්‍රතිඵල පමණක් බවයි. රට ‘කොවිඩ්’ රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රැගෙන ඒම සිය සංගමයේ ඉලක්කය බව ද එම සංගමය වැඩි දුරටත් සදහන් කරයි.