සෞඛ්‍ය වර්ජනය පෙබරවාරි 1සිට යළි සක්‍රීයයි

සෞඛ්‍ය වර්ජනය පෙබරවාරි 1සිට යළි සක්‍රීයයි

අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් අද දින පැවැත්වූ විශේෂ සමුළුවකදී ගත් ඒකමතික තීන්දුවකට අනූව මෙම තීරණය ගනු ලැබූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවි කුමුදේශ් පවසන්නේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව ලබා දුන් යෝජනාවලිය සාධාරණ එකක් බව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නා නමුත්, ජනාධිපතිවරයා පැමිණෙන තුරු අවශ්‍ය කාලය ලබා දෙන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීමට ගරු කරමින් පසුගිය 17 වෙනිදා වර්ජනය තාවකාලිකව අවසන් කළ බවයි.

 බරපතළ අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පල කරමින් 2024.01.23 වෙනිදින සිට දිවයින පුරා විරෝධාවයන් සිදු කිරීමටත් අද දින රැස්වූ නායකත්ව සමුළුව ඒකමතිකව තීරණය කළ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.