සිසු හෙද සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 10 වැනි දින මහනුවර දී

සිසු හෙද සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 10 වැනි දින මහනුවර දී

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා මාතලේ, මහනුවර හා නුවරඑළිය  දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.10 (සෙනසුරාදා) දින මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.