වතු කම්කරුවන්ට 1000 ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

වතු කම්කරුවන්ට 1000 ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්
වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට  ඊයේ(25) පැවති කැබිනට් රැස්වීමේදී උපදෙස් ලබා දී තිබේ.
 
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ මේ තීරණය සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි.