වතු කම්කරුවන් 1000 එපා කියයි (PHOTO)

1000

මස්කෙළිය වැවිලි සමාගමේ ලංකා කොටසේ වතු කම්කරුවන් පිරිසක් ඊයේ (16) දින කොරෝනා නීතිරීති වලට යටත්ව සමාකාමි විරෝධතාවයක නියැලිමෙන් ඉල්ලා සිටියේ පසුගිය කාලයේ ගෙවූ රැ. 750 දිනක ටැටුප ලබාදෙන ලෙසත් ඒ සඳහා හිමි සියලු වරප්‍රසාද ලබාදෙන ලෙසත්ය.

රජය විසින් රු. 1000 වැටුප වැඩි කිරීමෙන් පසු දිනකට කිලෝ 20ක තේ දළු ප්‍රමාණයක් කැඩිය යුතු බවත් එසේ කැඩිමට නොහැකි වූවහොත් කඩාගත් තේදළු සඳහා කිලෝ එකකට රු. 47.50ක් ගෙවන බවත්ය.

පිරිමි කම්කරුවන් සඳහා පැය 8ක් වැඩකළ යුතුව ඇති අතර, එසේ සේවය නොකරන්නේ නම් ඔවුන්ට ගෙවනු ලබන්නේ පැයකට රු. 120ක වැටුපකි.

මෙයට අමතරව වතු කම්කරු කාන්තාවක් දරුවකු බිහිකර නැවත සේවයට වාර්තා කළ විට ඔවුන්ට නව අර්ථ සාධක අංකයක් ලබාදෙන බවත්, නවක සේවක ලෙස සේවයට බඳවා ගන්නා බවත්ය.

මෙම තත්ත්වය හමුවේ ඔවුන් පවසන්නේ පැරණි සාමූහික ගිවිසුමට අනුව රු. 750/= වැටුප ලබාදෙන ලෙසත් එයට හිමිවූ සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස මෙම වතු කම්කරු උද්ඝෝෂනයේදී ඉල්ලා සිටි අතර, පැයක පමණ විරෝධතාවයකින් පසුව සාමකාමි ලෙස වතු කම්කරුවන් පිරිස විසිර ගියහ.

This image has an empty alt attribute; its file name is 1000-1.jpg

This image has an empty alt attribute; its file name is 1000-3.jpg

This image has an empty alt attribute; its file name is 1000-4.jpg

This image has an empty alt attribute; its file name is 1000-5.jpg