ලෝකයේ සතුටින් සිටින රටවල් අතර ලංකාවට 126 වෙනි තැන

ලෝකයේ සතුටින් සිටින රටවල් අතර ලංකාවට 126 වෙනි තැන
ලොව සතුටින්ම සිටින ජනතාවක් සිටින රටවල් අතර ශ්‍රී ලංකාවට 126 වෙනි ස්ථානය හිමිව තිබේ. ලොව රටවල් 146ක ජනතාව අතර සන්තෘෂ්ටිය ඇගයීමට ලක් කෙරෙන 2022 වර්ෂයේ වාර්තාවේ 2021 වසරේ ලංකාවට හිමිව තිබූ 129 වෙනි ස්ථානයෙන්  ස්ථාන තුනක් ඉදිරියට විත් මෙවර 126 වෙනි ස්ථානය හිමිව ඇත.
 
2022 වසරේ ලොව සතුටින්ම සිටින ජනතාව සිටින රට ලෙස ෆින්ලන්තය ප්‍රමුඛස්ථානයේ සිටින අතර එහි දෙවන ස්ථානයේ ඩෙන්මාර්කයත්,තෙවන ස්ථානයේ අයිස්ලන්තයත්,සිව්වන ස්ථානයේ ස්විට්සර්ලන්තයත් පසුවෙයි.
 
සතුට දර්ශකය නිර්ණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසදුම් ජාලයේ මෙහෙයවීමෙන්. ඒ අනුව අඛණ්ඩව පස් වන වරටත් එම දර්ශකයේ පෙරමුණ ගැනීමට ෆින්ලන්තය සමත් වී තිබෙනවා.
 
කෙසේ නමුත් දකුණු ආසියාතික සහ කලාපීය රටවල් රැසක් මෙවර ලෝක සන්තෘෂ්ටි දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනු දැකිය හැකියි.ඒ අනුව පකිස්තානය 121 වෙනි ස්ථානයේත්,බංගලාදේශය 94 වෙනි ස්ථානයේත්,නේපාලය 84 වෙනි ස්ථානයේත්,තායිවානය 26 වෙනි ස්ථානයේත්,ස්ංගප්පූරුව 27 වෙනි ස්ථානයේත් පසුවෙයි.
 
 ලොව රටවල් 146ක ජනතාව අතර සන්තෘෂ්ටිය ඇගයීම සිදුකර තිබෙනවා. ඊට පාදක කරගෙන ඇත්තේ සතුට, සිනහව, වින්දනය, කනස්සල්ල, කෝපය, ශෝකය, ත්‍යාගශීලීභාවය ඇතුළු කරුණු කිහිපයක්.