බැංකු සේවක සංගමය අදත් (14) උද්ඝෝෂණයේ

cbeu-protest

ලංකා බැංකු සේවක සංගමය විසින් අද දින (14) තම නොවිසඳුණු අර්බුදවලට පිළියම් හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පොලොන්නරුව, අනුරාධපුර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උද්ගෝෂණ පැවැත්වීමට සුදානම් කර ඇත.

පසුගිය දිනවලදී කොළඹ රාජ්‍ය බැංකු මූලස්ථාන කෙන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලද මෙම විරෝධතා උද්ඝෝෂණ මේ වන විට රට පුරා රාජ්‍ය බැංකු මූල් කරගනිමින් ආරම්භ කර ඇති බව බැංකු සේවක සංගමයේ නියෝජිතයකු “වැඩබිම“ සමග පවසා සිටියා.

මෙම තත්ත්වය පිළිබඳව රජයේ බලධාරින් දැනුවත් කළත් මේ වනවිටත් සහනදායි පිළිතුරක් තවමත ලැබී නැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

සබැඳි පුවත්