කොවිඩ් මර්දනයට ලබන මාසේ 15 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය

කොවිඩ් මර්දනයට ලබන මාසේ 15 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය

දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.