කොරෝනා බලපෑමෙන් පෞද්ගලික අශයේ 15,000කට රැකියා අහිමිවෙයි

කොරෝනා බලපෑමෙන් පෞද්ගලික අශයේ 15,000කට රැකියා අහිමිවෙයි
කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑම හේතුවෙන් පෞද්ගලික අංශයේ 15,000කට ආසන්න සේවකයින් පිරිසකට සිය රැකියාව අහිමිවී තිබෙන බවට කම්කරු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධයෙන්  අදහස් දක්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ , දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි හා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට යොමු කළ පැමිණිලිවලින් මෙම තොරතුරු අනාවරණ වී  තිබෙන බවයි.
 
මෙලෙස රැකියා අහිමිවූ අය අතර සංචාරක ක්ෂේත්‍රයේ වක්‍ර රැකියාවල නිරත වූවන් ඇතුළත්ව  නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
 
රැකියා අහිමිවූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සහන සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවන් බවත් ඒ අනුව ඔවුන් යළි සේවයේ පිහිටුවීම හෝ සාධාරණ වන්දි මුදලක් ලබා දීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.