උසස් පෙළ උපකාරක පන්ති අවසන් 17න් අවසන්

උසස් පෙළ උපකාරක පන්ති අවසන් 17න් අවසන්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2022 උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 පැවැත්වීමට සියල්ල සූදානම් බව එම නිවේදනයේ සඳහන් අතර, විභාගය ආරම්භ කිරීමට දින 5කට පෙර ඊට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමනැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කරනු ලැබ ඇත.