රාජ්‍ය සේවයේ ගුරුවරුන්ට රජයෙන් සුබ පණිවිඩයක්

රාජ්‍ය සේවයේ ගුරුවරුන්ට රජයෙන් සුබ පණිවිඩයක්

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අ.පො.ස (සා/පෙළ) හා (උපෙළ) පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලනු ලැබේ.

මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත 2023.06.30 දින දක්වා දීර්ඝ කෙරේ. එහෙත් 2023.06.30 දිනට පෙර ස්ථානමාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහාම ඒ අනුව කටයුතු කළ යුතු වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image