අඛණ්ඩව ධාවනය පවත්වාගන යාම සඳහාත්, දුම්රිය මගීන්ගේ, සේවකයන්ගේ ,දුම්රිය මාර්ගයේ සහ ධාවන ඇණියේ සුරක්ෂිත භාවය සඳහාත් මේ වනවිට එම ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 සහ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යාමට දුම්රිය දේපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම හේතුව මත බොහෝ දුම්රිය ප්‍රමාදවීම් සහිතව ධාවනය කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ.
