කොවිඩ් වසංගතයත්,මඟීන්ගේ අඩුවත් නිසා දුම්රිය කිහිපයක් අවලංගුයි

කොවිඩ් වසංගතයත්,මඟීන්ගේ අඩුවත් නිසා දුම්රිය කිහිපයක් අවලංගුයි

අද (06) රාත්‍රී සිට ගාල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙකුත් මාර්ගයන් වන ධාවනය වන සියල්ලුම තැපැල් දුම්රියන් ,රටේ පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය හා දුර ගමන් සේවා භාවිතා කරන මගී සංඛ්‍යාව අවම වීම මත අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව , කොළඹ -බදුල්ල, කොළඹ – ත්‍රිකුණාලය, කොළඹ – කන්කසන්තුරේ යන තැපැල් දුම්රියන් අවලංගුකර තිබෙන අතර  කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ – අඹේපුස්ස, කොළඹ – පානදුර, ගාල්ල – අලුත්ගම, අලුත්ගම – ගාල්ල  යන  ගමන් වාරද දෙපාර්තමේන්තුව අවලංගුකර ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම වෙත සඳහන් කළේ.