ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි

මේ වන විට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 2000කට ආසන්න පිරිසක් වාර්තා වීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඔහු මෙහිදී සදහන් කළේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගතව සිටීම සහ සුවය ලබන පිරිස දෛනික රෝහල්ගත වීම්වලට වඩා ඉතා පහළ අගයක් ගැනීම නිසා වත්මන් තත්ත්වය උග්‍ර වී ඇති බවයි.

‘‘ මේ තත්ත්වය තව දුරටත් උග්‍ර වුණොත් දැඩි අර්බුදයක් නිර්මාණය විය හැකියි. ඒ නිසා සියලුම රට වැසියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සියල්ල සිදු කළ නොහැකියි. ඔහු වැඩිදුරටත් පැවැසීය.