කොවිඩ් 19 ව්‍යවසනයෙන් සුපිලිපන්නව ජය ගැනීමට නම් දුෂණ මර්ධනය අත්‍යවශ්‍යයි

කොවිඩ් 19 ව්‍යවසනයෙන් සුපිලිපන්නව ජය ගැනීමට නම් දුෂණ මර්ධනය අත්‍යවශ්‍යයි

 ලෝකය ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය (දෙසැම්බර් 09) සමරන අතරතුර දී, පවතින කොවිඩ් - 19 වසංගතය හමුවේ බොහෝ මිනිසුන් තම එදිනෙදා ජිවිතයේ අවිනිශ්චිත භාවයන්ට මුහුණ දෙමින් සිටී. "සුපිලිපන්නව ජයගනිමු" යන ගෝලීය තේමාව සහිතව,දුෂණ විරෝධී දිනය මෙවර අරමුණු කරගන්නේ කොවිඩ් 19 වසංගතයට අදාල දුෂණයන් පිටු දැකීමයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL),විශ්වාස කරන්නේ ,විශේෂයෙන් සමාජයේ ඉතාම අවදානම් තත්වයේ පවතින කණ්ඩායම් සඳහා සහන සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් බෙදා හැරීමේදී ඇති වන දුෂණයන් වල හානිකර බලපෑම් පිලිබඳ සැලකිල්ලට ගැනීමේදී මෙම තේමාවෙහි පවතින සත්‍යතාවය ශ්‍රී ලාංකීය සන්දර්භය තුලට ද මනාව ගැලපෙන බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ නදීෂානි පෙරේරා මහත්මිය සඳහන් කලේ, "TISL ආයතනය විසින් , මෙම වසර මුලදී අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින්, කොවිඩ් 19 සම්බන්ධ ආධාර සහ අනුග්‍රහයයන් සඳහා දැඩි විනිවිදභාවයක අවශ්‍යතාවය පිළිබඳව ප්‍රථමයෙන් ඉස්මතු කල අවස්ථාවේදී,අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශය ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ලැබී ඇති අනුග්‍රහයයන් හෙළිදරවු කිරීමට දැනටමත් ගෙන ඇති පියවර ගෙන හැර දැක්වීම ධෛර්යයට කාරණයක් බවයි".

කෙසේ වුවද, ආර්ථික කඩාවැටීම වලක්වාගැනීමටත්,හදිසි සෞඛ්‍ය තත්වයන් සඳහා මුහුණ දීමටත් අවශ්‍ය සුවිශේෂී පියවරයන් ගැනීමේදී,රට භයානක අභියෝගයන් රැසකට මුහුණ දෙමින් සිටින බව පිළිගන්න අතරම,TISL ආයතනය සඳහන් කර සිටින්නේ හදිසි ප්‍රතිචාර දැක්වීම,දුෂණය සඳහා ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කරන බවයි. මේ මඟින් අවධාරණය කරන්නේ හදිසි ප්‍රසම්පාදන පියවරයන් සම්බන්ධ තොරතුරු ප්‍රගාමීව හෙළිදරවු කිරීමේ වැදගත්කමයි.

පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ "ප්‍රගාමීව හෙළිදරවු කළ යුතු සුවිශේෂී ක්ෂේත්‍රයක් වන්නේ කොවිඩ් 19 එන්නත් ප්‍රසම්පාදනය කිරීම, ඇනවුම් කරන ලද ප්‍රමාණය සහ ප්‍රමුඛතාගත කර අවදානම් කණ්ඩායම් සහ ඉදිරිපෙළ සිටින පිරිස් අතර බෙදාහැරීමේ සැලැස්ම බවත්, රට යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තුලදී මහජන විශ්වාසය ගොඩනැගීමේ මුලික අඩිතාලම නම් මෙම පණිවිඩ ක්‍ෂණිකව සහ කාර්යක්‍ෂමව සන්නිවේදනය කිරීම බවත් ය.

කොවිඩ් 19 වසංගත තත්වය හරහා ඇති කරන ලද ආර්ථිකමය ප්‍රතිවිපාකයන් රට විදේශ විනිමය අවපාතයකට ගෙන යමින් තිබෙන අතර එම ආර්ථික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා රට තුළට නීති විරෝධී මුදල් සංසරණය වීමේ අවකාශය සැලසෙනු ඇති ය යන කාරණය පිළිබඳවද TISL ආයතනයේ සැලකිල්ලට භාජනය වී ඇත. මෙය මුදල් විශුද්ධිකරණ අවධානම තවත් වැඩි කරනු ඇති අතර,එය නැවත වරක් අවධාරණය කරන්නේ කොවිඩ් 19 න් යථා තත්වයට පත් වන අවදියේදී ඇති විය හැකි දුෂණ අවධානම පුළුල් වීමයි.

මෙම වසරේ මුල් භාගයේදී TISL ආයතනය විසින්, ලැබී ඇති ආධාර/ පරිත්‍යාග සහ ඒවායේ වියදම් පිලිබඳ යාවත්කාලින තොරතුරු ඇතුලත් අන්තර්ජාලයීය වෙබ් අඩවියක් රජය මඟින් ස්ථාපනය කිරීම , රජයේ සියලුම ටෙන්ඩර් දැන්වීම් සහ ඒවාට අදාල ලිපිලේඛන ප්‍රසිද්ධ කිරීමට අන්තර්ජාලීය ප්‍රසම්පාදන වැඩපිළිවෙලක් පවත්වාගෙන යෑම, එමෙන්ම, තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන ප්‍රකාරව සියලුම රාජ්‍ය ආයතනවල වාර්තා කළමනාකරණය කිරීමේ දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම සහතික කිරීම යන කරුණු ද නිර්දේශ කරනු ලැබුවේය.

මෙම වසරේ ජූලි මාසයේදී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) නිර්දේශ කරනු ලැබුවේ මුදල් සහ නිසි ක්‍රියාමාර්ග ඒවා වඩාත්ම අවශ්‍ය පුද්ගලයින් වෙත ලඟා වන බව සහතික කිරීම සඳහා,රජයයන්, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය සමඟ සමීපව, සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් කාලීන සහ විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණයක් සිදු කිරීම අවශ්‍ය වන බවයි.එමෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩි දුරටත් සඳහන් කලේ, රටවල්, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී සිදුවන දුෂණයන් හේතුවෙන් අරමුදල් නැති වීම සහ නාස්තිවීම සහ බදු පැහැර හැරීම වලක්වාලීම අවශ්‍ය වන බවයි.

පෙරේරා මහත්මිය අවසාන වශයෙන් සඳහන් කලේ, " කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමේ ක්‍රියාවලිය තුළ, දුෂණ අක්‍රමිකතා සිදුවීමට ඉඩ හැරීම තුළින් සිදුවන අවසන් ප්‍රතිපලය වන්නේ ආධාර හා උපකාර ඇවැසි පුද්ගලයින්ට එය නොලැබී යාමයි.දුෂණය වලක්වාලීම සහ වගවීම ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ජය ගැනීම වචනයෙන් සහ ක්‍රියාවෙන් යන දෙයාකාරයෙන් ම ඔප්පු කර පෙන්වූ දෙයක් බව සහතික කරනු ඇත.

දුෂණයේ හානිකර බලපෑම් පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ දී සහ පවතින වසංගත තත්වය තුළ ශාරීරික දුරස්ථ භාවය පවත්වාගැනීමේ අවශ්‍යතාවයද සැලකිල්ලට ගනිමින්, TISL ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුෂණයෙන් තොර රටක් වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තුව, #අවංකබලාපොරොත්තුව යන ටැග් ලයිනය භාවිත කරමින් වීඩියෝවක් හෝ වෙනත් පොස්ටුවක් මඟින් හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාගන්නා ලෙසයි. මේ කර්තව්‍ය පිලිබඳ වැඩිදුර තොරතුරු 0112 501 501 යන අංකයට කතා කිරීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට ඊ මේල් කිරීමෙන් ලබාගන්න.